ගෙවී ගිය පැය 24 තුළ කිසිඳු නව කොරෝනා ආසාදිතයෙකු මෙරටින් වාර්තා වී නැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 102 නෙකු වාර්තා වූ අතර ඉන් තුන් දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.
රෝගීන් 88 දෙනෙකු IDH රෝහලේ ද දස දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ හා එක් අයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 255 බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.
මෙරට වාර්තා වු කොරෝනා ආසාදිතයන්ගෙන් 68%ක් පිරිමි පුද්ගලයින් වන අතර 33. 3%ක් වයස අවුරුදු 41ත් 50 ත් අතර පුද්ගලයින් වනවා.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. මේ වන විට කොරෝනා රෝගීන් තුන් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.