අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදාහැරිමේ විශේෂ වැඩසටහන ආරම්භ වුණා.
ජනතාව ඒකරාශිවීම වලක්වමින් කොරෝනා වෛරස ව්‍යප්තිය පාලනය කිරිමයි අරමුණ. ගොවියා සහ දේශිය ආර්ථිකය ආරක්ෂා වන පරිදි රටතුළ නිෂ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදාහැරෙනවා. සහල්, පොල්, එලවලු, බිත්තර සහ කුකුලු මස් හිඟයකින් තොරව සැපයීමේ හැකියාව පවතින බවයි රජය පවසන්නේ. ඒවා ගොවීන්ගෙන් සහ නිෂ්පාදකයන්ගෙන් නිසි පරිදි මිලදී ගෙන සමුපකාර හා සුපිරි වෙළෙද සැල් ඒකාබද්ධව අත්‍යවශ්‍ය ආහාර මල්ලක් සකසා ප්රාදේශ්රීය යාන්ත්‍රණය මගින් විධිමත්ව බෙදාහැරිය හැකි බවයි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.
රජයේ රෝහල්වල ලියාපදිංචිවී අඛණ්ඩව ඖෂධ මිලදී ගන්නා රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුව නිවසටම බෙදාහැරිමට තීරණය කර තිබෙනවා. පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලට ගන්නා රෝගීන්ට ප්රාදේශ්රීයව තෝරාගත් ඖෂධ අලෙවි සැල් කිහිපයක් නම්කර නිවසට බෙදාහැරිමටයි තීරණය වුණේ.
වානිජ බැංකු විවෘතව තැබීමට පියවර ගන්නා ලෙසද ඒවායේ ප්‍රධානීන්ට දැනුම්දී තිබෙනවා. දුරකථන ඇමතුම් මගින් ගෑස් නිවෙස්වලට බෙදාහැරිමේ වැඩපිලිවෙලක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා එම ආයතනවලින් ඉල්ලා සිටියා. වගා සහ ධීවර කටයුතු බාධාවක් තොරව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද තීරණය කර තිබෙනවා.