fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැතිගෙන් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 18:40

රජය ලබාදෙන සහන පිළිබඳ අසත්‍ය ප්‍රචාර සිදුනොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ජාලාවලින් ඉල්ලා සිටිනවා.

කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කරන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. වගකිව යුතු රජයක් ලෙස ජනතාවගේ යහපත වෙනුවෙන් එහිදී තීන්දු රැසක් ගෙන තිබෙනවා. මෙම තීරණ හා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිතාමතාම අසත්‍ය තොරතුරු සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරන්නේ. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම කෙරෙහිද අවධානය යොමුව තිබෙනවා.

මූල්‍ය ශක්තිය ඇති අය මෙන්ම නැති අය ද මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටිනවා. එවැනි වටපිටාවක දේශාපාලන අවශ්‍යතා ඉස්මතුකරමින් සිදුකරන මෙවැනි ක්‍රියා හෙළාදකින බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. සමස්ත රටවැසියාම අනතුරකට මුහුණපා සිටින මෙම අවස්ථාවේ රජයේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහාය ලබාදෙන ලෙසට රජය සියලු සමාජ මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා. සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ නීතීඥවරුන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්