fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පූටින් කොරෝනා රෝගීන්ගේ සුවදුක් විමසයි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 17:37

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මොස්කව් රෝහලේ නේවාසික කොරෝනා රෝගීන්ගේ සුවදුක් විමසීමේ සංචාරයක නිතර වී තිබෙනවා.

මෙහිදී වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සදහා අවශ්‍ය ඇදුමකින් සැරසී සිටි අයුරු දක්නට ලැබුණා.

මේ අතර ප්‍රංශයේ කොරෝනා වෛරසය වැළදීමෙන් මිය ගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. මෙලෙස කොරෝනා රෝගීන් දහසක් මිය ගිය 05 වන රට ලෙසයි ප්‍රංශය සැළකෙන්නේ. අසාද්‍යතත්ත්වයේ රෝගීන්ගේ ගණන 2500 ඉක්මවා ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.

ස්පාඤ්ඤය තුළ එක් දිනයකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන ඊයේ (24)  වාර්තා වුණා. ඒ රෝගීන් 514 ක්. කොරෝනා රෝගීන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබෙනවා. එයට සෞඛ්‍ය අංශ නිලධාරීන් 5400 ක්ද ඇතුළත්.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්