fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චාල්ස් කුමරුටත් කොරෝනා

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 16:39

වේල්ස් කුමරයා ලෙස හදුන්වන චාල්ස් කුමරු කොරොනා වයිරස් සඳහා කළ පරීක්ෂණයේදී ආසාදිත බව තහවුරු වූ බව ‘ක්ලැරන්ස් හවුස්’ බ්‍රිතාන්‍ය රාජකීය නිවාසය තහවුරු කර තිබෙනවා.

71 හැවිරිදි චාල්ස් කුමරු තවම සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් සිටින නමුත් යහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බව ප්‍රකාශකයෙක් සදහන් කළා.

72 හැවිරිදි කෝන්වෝල් ආදිපාදවරිය කැමිලා ද පරීක්ෂාවට ලක් කර ඇති අතර ඇයට වෛරසය ආසාදනය වී නැහැ.

ක්ලැරන්ස් හවුස් සදහන් කලේ රජයේ සහ වෛද්‍ය උපදෙස් වලට අනුව චාල්ස් සහ කැමිලා මේ වන විට දැන් ස්කොට්ලන්තයේ බෝල්මොරල් හි හුදෙකලා වී සිටින බවයි.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්