ලොව පුරා සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19,607 දක්වා ඉහළ යද්දී ආසාදිතයන් 434,983ක් ලෙසයි වාර්තා වන්නේ.
වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 197 කට පැතිර ගොස් තිබෙනවා.
ඕස්ට්‍රේලියාවෙන් ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිතයන් 427 දෙනෙකු වාර්තා වුණා. අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට හැකි පුද්ගලයන් ගණන 10 දෙනෙකු වන අතර මංගල උත්සවයකට සහභාගි විය හැක්කේ පුද්ගලයන් 5 දෙනෙකුට පමණයි.
මේ අතර ඉරානය සියලු විදේශ ආධාර ප්‍රතික්ෂේප කර තිබෙනවා. පැය 24 ක් තුළ එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1762ක්.
බ්‍රිතාන්‍යයේ අත්‍යශ්‍ය නොවන ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. පුද්ගලයින් දෙදෙනෙකු අතර පරතය මීටර් දෙකක් ලෙස තබා ගනිමින් ඉදිකිරීම් කටයුතුවල නිරත විය හැකි බවයි රජය දැනුම් දී ඇත්තේ.
ආර්ථික ස්ථාවරත්වය තබා ගැනීමට නම් සෑම අංශයකම ක්‍රියාකාරී දායකත්වය පැවතිය යුතු බව ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙනවා.