fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරොනා ආසාදිත යැයි සැක කෙරෙන රෝගීන්ට මාතර නව වට්ටුවක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 15:29

කොවිඩ් – 19 හෙවත් නව කොරොනා වෛරසය ආසාධනය වි ඇතැයි සැක කෙරෙන රෝගීන් මාතර දිස්ත්‍රිකකයෙන් වාර්තා වුවහොත් එම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාතර – කොටවිල ප්‍රදේශයේ ඉදිකර ඇති නව දිස්ත්‍රික් මහ රෝහලේ නව වාට්ටුවක් වෙන් කර තිබෙනවා.

මෙම වාට්ටුව තුළ එකවර රෝගීන් 45 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබේ. මාතර මහා රෝහල වෙත පැමිණි නව කොරෝනා වෛරසය අසාධනය වි ඇතැයි සැක කළ රෝගීන් කරාපිටිය මහා රෝහල වෙත මාරු කර යැවීම මෙතෙක් සිදු කළ ක්‍රමවේදයයි.

කොරොනා වෛරසය ආසාධනය වි ඇති බවට සැක කෙරෙන රෝගීන් මෙම වට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු මුලික ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ. ඊට අදාළ වෛද්‍ය පරික්ෂණ කටයුතු ගාල්ල කරාපිටිය මහා රෝහලේ දී සිදු කර කෙරෝනා වෛරසය ආසාධනය වි ඇතැයි තහවුරු කෙරෙන රෝගීන් කොළඹ – අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර යැවිම සිදු කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ.කරුණාරත්න මහතා මෙහි දී පැවසී ය.

මේ අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සහභාගි වී සිටියහ.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්