fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරෝධායනයට ලක්විය යුතු යැයි සැක පුද්ගලයින් ගැන තොරතුරු ඉල්ලයි (විශේෂ දුරකථන අංක)

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 15:01

නිරෝධායන ක‍්‍රියාවලියට ලක්විය යුතු යැයි සැකකෙරෙන පුද්ගලයන් පිලිබද තොරතුරු ලබාදෙන්නැයි පොලිසිය යළි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ සදහා විශේෂ දුරකථන අංක කිහිපයක් කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේ.

දුරකථන අංක – 119/ 0112 444480/ 0112 444481

මේ අතර විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වී නැති පිරිස අතර සිටින දරුවන් පිළිබඳ පසුගියදා නිවේදනය කළ අතර එම ඡායාරූපවල සිටින දරුවන් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බැවින් ඔවුන් පිළිබඳ තවදුරටත් සොයා බැලීම අවශ්‍ය වන්නේ නැති බවයි පොලීසිය දැනුම් දෙන්නේ. තුන්දෙනෙකු පිළිබඳ තොරතුරු ලබාගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo