fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 16:29

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක හා චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රාප්ත වුණා.

තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රාප්ත වනවිට 78 වන වියේ පසුවුණා. අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

1983 ජූලි කලබල සමයේ මෙරට සිනමා පටවලට හානි සිදුවූ අවස්ථාවේ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් මැදිහත් වූ ඒ මහතා එවැනි සිනමාපට රැසක් ආරක්ෂාකර ගත්තා. 80 දශකයේ තිරගත වූ කෝලම්කාරයෝ සහ කැකිල්ලේ රජ්ජුරුවෝ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය ද ඔහු අතින් සිදුකෙරුණා.

එමෙන්ම කැකිල්ලේ රජ්ජුරුවෝ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස ද කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 16:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්