fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාවට ඇතුළු වීමට නිකුත් කළ සියලු වීසා අත්හිටුවීමට පියවර

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 14:11

එමිරේට්ස් ගුවන් සේවය ශ්‍රී‍්‍ර ලංකාව සමග සිදුකරන සිය ගුවන් ගමන් මෙහෙයුම් යළි දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙනතිබෙනවා.

ඒ ශ්‍රී‍්‍ර ලංකාව ගුවන් මගීන්ට පනවා ඇති තහනම සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ඊයේ (24) රාති‍්‍ර 9.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ අවසන් යානය කටුණායක සිට ඩුබායි බලා පිටත්ව ගියා. මේවන විට බොහෝ විදෙස් ගුවන් ගමන් සේවා ශ්‍රී‍්‍ර ලංකාව සමග සිදු කරන සිය මෙහෙයුම් අත්හිටුවීමටයි පිියවර ගෙන තිබෙන්නේ. එහෙත් අද (25) දහවල් 12.50 ට ශ්‍රී‍්‍රලංකන් ගුවන් සේවයට අයත් යානයක් එංගලන්තයේ ලංඩන් නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ.

මේ අතර විදේශිකයන්ට මෙරටට පැමිණීම සදහා නිකුත් කර ඇති සියලු වීසා බලපත‍්‍ර අත්හිටුවීම ලබන 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. එම විසා බලපත‍්‍ර ලබන 25 වනදා දක්වා අත්හිටුවන බවටයි මීට පෙර සදහන් කර තිබුනේ.

එහෙත් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ලබන 31 වනදා මධ්‍යම රාත‍්‍රිය වන තෙක් එම අත්හිටුවීම දීර්ඝ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 14:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්