ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී ආරක්ෂක අංශ හා සටන්කාමීන් අතර ගැටුමක් හටගැනුනා.
මරාගෙන මැරෙන පිපිරීම් කිහිපයක්ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සික් ආගමිකයන් 150 කට වැඩි පිරිසක් රැදී සිටි ආගමික මධ්‍යස්ථාන භුමියක සිදුවූ මෙම ගැටුමෙන් මියගිය පුද්ගලයන් පිලිබද මෙතෙක් හෙළිව නැති බව විදෙස් මාධ්‍ය සදහන් කළා.