බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සදහා පත්කළ මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා සිය ධුරයේ රාජකාරි අද (25) ආරම්භ කළා.
රොෂාන් ගුණතිලක මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ඊයේ (24) දිවුරුම් දුන්නා. ඒ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සදහායි.
රොෂාන් ගුණතිලක මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම බස්නාහිර පළාත් සභාවේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුකෙරුණේ ආගමික වතාවත් මධ්‍යයේයි. ඒ මහතා ගුවන් හමුදාපති ධුරය දරමින් ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළ කීර්තිමත් නිලධාරියෙක් ද වනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/d3FWtptycAk”]