ලොව පුරා සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව දහඅටදහස් නවසිය හත දක්වා ඉහළ යද්දී ආසාදිතයන් හාරලක්ෂ විසිදහස් අටසිය විසිනවයක් ලෙසයි වාර්තා වන්නේ. වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 197 කට පැතිර ගොස් තිබෙනවා.
චීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ වූ කොවිඩ් නයින්ටින් හෙවත් නව කොරෝනා වෛරසය රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල කරද්දී චීනයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. එරට ක්‍රියාත්මක වූ ගමන් තහනම ද ඉවත් කිරීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. කෙසේ වුව ද හුබෙයි පළාතේ නගර කිහිපයකට පැන වූ තහනම තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ දිනයේදී චිනයෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 47 ක්. මරණ 4 ක් ද සිදුව ඇති අතර නිරෝධායන කටයුතු රට පුරා අඛණ්ඩව සිදු කෙරෙනවා. චීන මහා ප්‍රාකාරය ද අර්ධ වශයෙන් සංචාරකයන්ට විවෘතව පවතින අතර වුහාන් නගරයට පනවා ඇති සංචාරක තහනම ලබන 8 වනදා සිට ඉවත් කිරීමටයි තීරණය වී ඇත්තේ.