ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ බාධාවකින් තොරව අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම අද (25) ආරම්භ කෙරෙනවා.
ඖෂධ, ගෑස් සහ සෙසු අත්‍යවශ්‍ය සේවාද ඊට ඇතුලත්. කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වයිරසය ව්‍යප්තවීමේ අවධානම සැලකිල්ලට ගනිමින් මුළු රටටම ඇඳිරි නීතිය පැනවීමටයි රජය පියවර ගත්තේ.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් ඉතා අවධානම් කලාප ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ බාදාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ජනතාවට සැපයීම අඛණ්ඩව සිදුකරන බව කාර්ය සාදන බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
සමස්ත ජාතික ආර්ථිකය කඩා නොවැටී ආරක්ෂා කර ගැනීම රජයේ තවත් ප්‍රධාන අරමුණක් බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. ඒ ශ්‍රී‍්‍ර ලංකාව පුරා ඇති ගම්මාන තිස් හය දහසම ආරක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අද (25) සිට ආරම්භ කරන බව සදහන් කරමින්.
කොවිඩි් නයින්ටීන් වයිරසය පැතිරයාම වැළැක්වීම සදහා වඩාත් සුදුසුම ප්රජාතන්ත්රවාදී කි‍්‍රයාවලිය ඇඳිරි නීතිය බවයි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.
ඉදිරි කාලය තුල අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවෙස්වලටම ගොස් අලෙවි කරන ලෙස රජය තොග වෙළද ආයතනවලට උපදෙස් දී තිබෙනවා. ලොරි,වෑන්, තී්රරෝදරථ, යතුරු පැදි ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගී කරගන්නා සියලු වාහනවලට ඇදිරි නීති කාලය තුළ මාර්ගවල ගමන්කිරීමේ අවසර ලබාදී ඇති බවයි ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.