fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ බොහෝ ප්‍රදේශ විෂබීජහරණයට ලක් කිරීමේ කටයුතු තවදුරටත්

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 10:00

දිවයිනේ බොහෝ ප්‍රදේශ විෂබීජහරණයට ලක් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවනවා.

රත්නපුර නගරය පූර්ණ විෂබීජහරණයකට ලක් කළේ රත්නපුර මහ නගර සභාවේ මෙහෙය වීම මතයි. තවත් ආයතන කිහිපයක් ඒ සඳහා දායකත්වය ලබා දී තිබුණා.

හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකය හා හැටන් පොලීසිය එක්ව නගරය විෂබීජහරණයට ලක් කළා. ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ජනතාව වැඩි වශයෙන් නගරයට පැමිණීමෙන් පසුවයි එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරුණේ.

උතුරේ නගර ද විෂබීජහරණයට ලක් කිරීමේ කටයුතු මේ දිනවල සිදුවනවා. වව්නියාව නගරයේ පොදු ස්ථාන හා ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන පූර්ණ විෂබීජහරණයට ලක් කෙරුණේ සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල දායකත්වයෙන්.

ITN News Editor
By ITN News Editor මාර්තු 25, 2020 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්