ඇඳිරිනීති කාලය තුළ දිවයින පුරා ඔසුසල් (ෆාමසි) විවෘතව තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය ඔසුසල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් රෝහල් සායන සහ ඖෂධ හල්වලින් ඖෂධ ලබාගන්නා රෝගීන් විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටිනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගිනිමිනුයි සෞඛය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මෙම විශේෂ වැඩපිළිටවෙළ සකස් කර ඇත්තේ. ඒ අනුව සියලුම ඖෂධ හල් (ෆාමසි) අවශ්‍යතාව පරිදි ඇඳිරිනීති කාලය තුළ විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
මෙහිදී රෝගියාගේ විනිශ්චය හා ඖෂධ වට්ටෝරුව ඇඳිරිනීති අවසර පත ලෙස සලකන ලෙස ද දැනුම් දී තිබෙනවා. මේ අනුව ඔසුසැල්වල කාර්ය මණ්ඩලයට සහ ඖෂධ ප්‍රවාහනය කරන රථවහලට ද විශේෂ අවසරයක් ලබාදෙන ලෙස අමාතයාංශය ඉල්ලා තිබෙනවා.