fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්තු මාසයට අදාළ වැඩිහිටි හා රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 12:24

මාර්තු මාසයට අදාළ වැඩිහිටි හා රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට කටයුතු කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම මුදල් තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මඟින් අදාළ පිරිස් වෙත ලබා දීමට කටයුතු කෙරෙනවා. ඒ හේතුවෙන් වැඩිහිටි පිරිස් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපදිමින් එම කටයුතු සිදු කර ගන්නා ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

රජය හා අදාළ පළාත් සභා වැඩිහිටි ප්‍රජාව වෙත හා විවිධ රෝගාබාධවලින් පෙළෙන්නන් වෙත ලබා දෙන දීමනාව තැපැල් කාර්යාල මඟින් ගෙවීමේ දුෂ්කරතා මතුව තිබෙනවා. කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑමට ලක්වීමේ වැඩි සම්භාවිතාවක් ඇති වැඩිහිටි හා රෝගී පිරිස් විශාල ලෙස ඒකරාශී වීම වැළැක්වීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්