fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මන් චාන්සල්වරිය නිරෝධායනයට යොමු වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 11:07

ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් නිරෝධායනයට යොමු වුණා .

ඒ ඇය කොරෝනා ආසාදිතයෙකු මුණ ගැසී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව. කෙසේවෙතත් නිවසේ සිට දෛනික රාජකාරි සිදුකරන බවයි චාන්සල්වරිය සදහන් කළේ. කොරෝනා වයිරසයෙන් ජර්මනියටද දැඩි බලපෑම් එල්ල වුණා. ඒ අනුව මහජන හමුවීම් තහනම් කර තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකුට වඩා රැස්විය නොහැකි බවයි බලධාරීන් ජනතාවට දැනු‍්‍රම් දුන්නේ.

මේ වනවිටත් රටවල් රැසකටම වයිරසය බලපෑම් එල්ල කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඇමරිකා සෙනෙට් සභිකයෙකුටද එය ආසාදනය වී තිබෙනවා. ජෝර්දානයේ අසාධ්‍ය කොරෝනා රෝගිීන්ට ප‍්‍රතිකාර සඳහා මැලේරියා ඖෂධ භාවිතයට එරට සෞඛ්‍ය බලධාරීන් අනුමැතිය ලබාදුන්නා. මෑතකදී ප‍්‍රංශය සිදු කළ අධ්‍යනයකින් ද එය භාවිත කළ හැකි බවටයි තහවුරු වී තිබෙන්නේ. හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කිරීමටත් ජෝරදාන් බලධාරීන් පියවර ගත්තා.

ඉතාලියටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ගාසා තීරයේ ජනතාවට සහන සැලසීම සදහා කටාර් බලධාරිීන් ඇමරිකා ඩොලර් මිලියන 150 ක මුදලක් අනුමත කළා. ඇමරිකාවට බලපෑ දරුණුතම ගැටලුවක් ලෙසටයි මෙය සැලකෙන්නේ.

සියලු මගී ගුවන් යානා ලබන 25 වනදා තෙක් අත්හිටුවීමට එමිරේට් සමාගම තීරණය කළා. කෙන්යා පොලිසිය හා වෙළඳ කණ්ඩායම් අතර ගැටුම් හටගෙන තිබෙනවා. ඒ නාගරික ප‍්‍රදේශවල වෙළද මධ්‍යස්ථාන වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගැනීම හේතුවෙන්.

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්