fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොලොම්බියාවේ බන්ධනාගාරයක නොසන්සුන්තාවකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 09:47

කොලොම්බියාවේ බන්ධනාගාරයක සිදු වූ නොසන්සුන්තාවකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කොලොම්බියාවේ බොගෝටා අගනුවර පිහිටි විශාලතම බන්ධනාගාරයේයි මෙම නොසන්සුන්තාව හටගෙන තිබෙන්නේ. කොරෝනා වෛරසය කොලොම්බියාවේ හිස එසවීමත් සමඟ බන්ධනාගාරවල සිටින රැඳවියන් පසුගිය ඉරිදා සිට විරෝධතාවල නිරත වනවා. අද සිදු වූ නොසන්සුන්තාවෙන් පුද්ගලයින් 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි කොලොම්බියා අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරන්නේ. බන්ධනාගාරවල තිබෙන සෞඛ්‍ය අඩුපාඩුකම් හේතුවෙන් මෙන්ම පිරිස අධිකවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවද ඔහු සඳහන් කරනවා. කොලොම්බියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 231 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 23, 2020 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්