ඉතාලියේ කොවිඩ් 19 වෛරසය ආසාදනය විම හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව ඊයේ දිනයේදී පමණක් 651 ක් වාර්තා වුණා. ඒ සමඟම එරට අභ්‍යන්තර ගමන්ද තහනම් කර තිබෙනවා.
කොවිඩ් 19 වෛරසය හෙවත් නව කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයට වඩා ඉතාලියේ මේ වන විට මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඒ සමඟම ඉතාලිය වසා දැමීමටයි මීට මාසයකට පෙර කටයුතු කෙරුණේ. මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ඊයේ දිනයේදී අභ්‍යන්තර ගමන්ද තහනම් කිරීමට එරට රජය කටයුතු කළා. මෝටර් රථ, ඇදුම් පැළදුම් සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදකයින් ඇතුළු සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමටයි ඉතාලිය නියෝග කර ඇත්තේ. ඉතාලියේ පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා කියුබාවෙන් වෛද්‍යවරු රැසක් අද දිනයේදී ද එරටට පැමිණියා.