ලොව පුරා කොරෝනා ආසාදිතයින් දෙලක්ෂ දහනව දහස් තුන්සිය තිස් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.
වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අටදහස් නවසිය හැටනවයක් බවයි විසේ මාධ්‍ය වාර්තා කළේ. වෛරසය ආසාදනය වූවන්ගේ අසූපන්දහස් හත්සිය හතළිස් පස්දෙනෙකු සුවය ලබා තිබෙනවා. මේ වන විට ලොව පුරා රටවල් 176 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වනවා.
චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබද තොරතුරු වාර්තා වුවද පසුගිය දින 4ක කාලය තුළ එකදු චීන ආසාදිතයෙකු වාර්තා වී නැහැ. වාර්තා වූ ආසාදිතයින් 36 දෙනාම විදේශිකයන් වීම විශේෂත්වයක්. චීනය අනුගමනය කළ ඉක්මන් ක්‍රියාමාර්ග හේතුවෙන් වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට හැකිවූ බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට අත්‍යවශ්‍ය නොවන සේවාවන් සපයන ස්ථාන වසා දැමීමට ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබෙනවා. එය හෙට දිනයේ සිට එය ක්‍රියාත්මකයි. සමාජ ශාලා සම්පූර්ණයෙන්ම වසා දැමීමට ද, අවන්හල්වල පාරිභෝගිකයාට ආහාර ඇනවුම් කර රැගෙන යාමේ පහසුව පමණක් සලසා තිබෙනවා.
ඉන්දියාව පැය 14 කට ඇදිරිනීතිය පනවා තිබෙනවා. අද (22) රාත්‍රී 9.00 වන තෙක් එය ක්රියාතක්මකයි. ඒ අනුව බිලියනයකට වැඩි පිරිසකට නිවෙස් තුළට වී කාලය ගත කිරීමටයි සිදුව තිබෙන්නේ. මේ කාලය තුළදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ පමණක් අලෙවි කිරීමට වෙළෙදසැල් හිමියන්ට අවසර හිමි වී තිබෙනවා.
එළඹෙන මැයි 10 වනදාට යෙදෙන ලෝක මව්වරුන්ගේ දිනයට දෙමාපියන් බැලීමට යාමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලීමක් කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට වෙරළ තීරයට හා නිවාඩු නිකේතනවලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔහු තවදුරටත් පවසන්නේ.
මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ඉතාලියටයි. අප්‍රේල් පළමුවනදා තෙක් අත්යවශ නොවන සියලු සේවා අත්හිටුවා තිබෙනවා. වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියේ ලොම්බාඩි ප්රදේශයටයි. ගෙවී ගිය පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 793ක් වාර්තා වුණා.
ඉතාලියට පසුව යුරෝපයෙන් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ ස්පාඤ්ඤයටයි. රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන් භාර නොගන්නා තත්ත්වයකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. රොබෝ තාක්ෂණය යොදා ගනිමින් රෝගය විනිශ්චය කිරීමේ කටයුතු ද ආරම්භ වී තිබෙනවා. රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ද කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.
ප්‍රාන්ත 50ටම රෝගය පැතිරයාමත් සමග ජනතාවට නිවෙස්තුලට වී කාලය ගත කරන ලෙස ධවල මන්දිරය දැනුම් දී තිබෙනවා. වෛද්‍ය උපකරණ භාවිතය පාලනය කිරීම සදහා රෝහල්ගත නොවන රෝගීන් පරික්ෂා කිරීම නවතා දමන ලෙසයි නිව්යෝක් බලධාරීන් උපදෙස් දී ඇත්තේ. වෛද්‍ය කාර්ය මණ්ඩලය අවම වීම ඇමෙරිකාව මුහුණ දී ඇති තවත් ගැටලුවක් වී තිබෙනවා.
ස්වීඩනයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩිවීමත් සමග දැඩි සත්කාර ඒකක වල රෝගීන් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.
සැක සහිත රෝගීන් දැඩි පරික්ෂාවට ලක්කරන බවයි බලධාරීන් පවසන්නේ.
ඉරානයෙන් පසුගිය පැය 24 ක කාලය තුළ කොරෝනා රෝගීන් වාර්තා වී නැහැ. වෛරසයට මුහුණ දීම සදහා ඇමෙරිකාව පනවන ලද අහේතුක සම්බාධක ඉවත් කරන ලෙසයි ඉරාන රජය ඉල්ලා සිටින්නේ. 1962 වසරට පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉරානය ආධාර ඉල්ලා තිබෙනවා.
දකුණු කොරියාවේ වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ ගණන පසුගිය දින කිහිපයට සාපේක්ෂව අවම වී තිබෙනවා. ඉදිරි දින 15 ක කාලය තුළ ජනතාවට සමාජ ක්‍රියා කාරකම්වලින් ඉවත් වී සිටින ලෙසයි එරට රජය දැනුම් දී ඇත්තේ.