සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහන සඳහා ශ්‍රී ලංගම බස් රථ 260ක් යොදවා ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
එවැනි සේවා සඳහා බස්රථ අවශ්‍යනම් 077 10 56 032 අංකය අමතා බස් රථ ලබා ගත හැකි බවයි අමාත්‍යාංශය පවසන්නේ.
මේ අතර මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය සඳහා බස් රථයක් අවශ්‍ය බවට කළ ඉල්ලීමකට අනුව බස් රථයක් ලබා දුන් බවද ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරනවා.