fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශ්ව ආශිර්වාද හෝරාවෙන් අද සවස සත්පත්තිනි දේවපූජාවක්

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 11:53

ශ්‍රී ලංකාවාසී හා ලෝක වාසී ජනතාවට සෙත් පතමින් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ මෙහෙයවීමෙන් පත්තිනි පූජාව නවගමුව සත්පත්තිනි දේවාලයේදී අද (21) සවස 5.30ට පැවැත්වෙනවා.

කොරෝනා රෝගය ලොවෙන් තුරන් කිරීම අරමුණු කර ගනිමිනුයි සත්පත්තිනි පූජාව පැවැත්වෙන්නේ. බාහිර ජන සහභාගිත්වයකින් තොරව සත්පත්තිනි පූජාව පැවැත්වීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පත්තිනි දේව ප්‍රතිමාව විවර කරන මොහොතේදී තම නිවෙස් තුළදීම ලක්වාසී සැමට හා ලෝකවාසීන්ට ද සුවය පතා පඬුරක් ගැටගසා භාර වීමට ද සමස්ත රට වැසියන්ට අවස්ථාව සැලසෙනවා.

රෝග පීඩා බියෙන් ජනතාව මුදාගෙන රටටත් ලොවටත් සෙත් ප්‍රාර්ථනා කිරීම සත්පත්තිනි පූජාවේ අරමුණයි. සත්පත්තිනි පූජාව අද (21) පස්වරු 5.30 ට සජීව ලෙස ස්වාධීන රූපවාහිනිය,  ලක්හඬ ගුවන් විදුලිය,  වසන්තම් ටීවී හා වසන්තම් එෆ් එම් ඔස්සේ ලෝකවාසී ජනතාවටම නැරඹීමට හා ශ්‍රවණය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2020 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්