හිඟයකින් තොරව ගෑස් සැපයීමට ප්‍රමාණවත් තොග පවතින බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය සමාගමක් වනවා. දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවයි එම සමාගම පවසන්නේ. රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා කටයුතු කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ද එම සමාගම අවධාරණය කරනවා.
පාරිභෝගිකයන්ට අවශ්‍ය ගෑස් තොග සමාගම සතුව පවතින බැවින් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසයි එම සමාගම ජනතාවට දැනුම් දෙන්නේ. ඇඳිරිනීතිය මධ්‍යයේ වුව ද ප්‍රාදේශීය වශයෙන් තොග පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රවාහන කටයුතු සිදුකෙරෙන බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.