පුද්ගලයන් එකොළොස්දහස් අටසිය හතළිස් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කෙරෙමින් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සදහා රජය උපරිම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටිනවා. පවත්නා තත්ත්වය හමුවේ රජය ගෙන යන මෙම වැඩපිළිවෙළට ජනතාවගේ උපරිම සහාය අපේක්ෂා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.
දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී නිරෝධායන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක අතර පුද්ගලයන් තුන්දහස් හැට තුන් දෙනෙකු එම මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට ලක් කෙරෙමින් පවතින බවයි යුද හමුදාපතිවරයා පවසන්නේ.
සියලු දෙනා රට ගැන සිතා මෙම ජාතික ක්‍රියාන්විතයට පූර්ණ සහාය ලබා දීම අත්‍යවශ්‍ය බව ද යුද හදුසාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OFKR1udZsaE”]