ඇඳිරිනීතිය කි‍්‍රයාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා හා මාධ්‍ය සේවා සදහා පමණක් අවසර ලබාදෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.
අදාල ප්‍රදේශ වලින් ගමන් කිරිමට ඇඳිරිනීති බලපත්‍රය ලෙස සේවා ආයතන මගින් නිකුත් කර ඇති නිල හැඳුනුම්පත භාවිත කළ හැකි බවයි වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ.
කටුනායක ගුවන් තොටුපලට ගමන් ගන්නා මගින් සදහා ගුවන් ටිකට්පත ඇඳිරිනීිති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි වනවා. අනෙක් සියලු පුද්ගලයන් ඇඳිරිනීති කාලය තුළ නිවෙස්වල රැඳී සිටිය යුතු බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නෙ.