ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් සදහන් කරන්නේ ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල මේ වන විට ගිලිහී ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් සියලු රටවල් වහාම ක්‍රියාත්මකවීමෙන් ආසාදිතයින් හුදෙකලා කිරීම, පරීක්ෂා කිරීම සොයා බැලීමේ වැඩසටහන් කඩිනම් කිරීමට රජයන් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කරනවා.