fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් බල ප‍්‍රදේශ 19 ක ඇඳිරි නීතිය පෙරවරු 8 තාවකාලිකව ඉවත් කෙරේ

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2020 08:27

පුත්තලම, හලාවත, මීගමුව පොලිස් බල ප්‍රදේශවලට පැන වූ ඇඳිරි නීතිය අද පෙරවරු 08ට තාවකාලිකව ඉවත් කර පස්වරු 02 සිට යළි දැනුම්දෙන තුරු ක්‍රියාතක්මක බව පොලීසිය පවසනවා.

පුත්තලම පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ මූන්දලම ,කල්පිටිය ,වනාතවිල්ලුව ,ආනමඩුව, පුත්තලම , සාලියවැව , පල්ලම , නවගත්තේගම ,කරුවලගස්වැව  , නොරච්චෝලේ , උඩප්පුව යන පොලිස් බල ප්‍රදේශවලට මෙම ඇඳිරි නීතිය බල පැවැත්වෙනවා.

එමෙන්ම හලාවත පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ වෙන්නප්පුව කොස්වත්ත , මාරවිල  , හලාවත , මාදම්පේ , ආරච්චිකට්ටුව , දංකොටුව යන පොලිස් බල ප්‍රදේශ මෙන්ම මීගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ කොච්චිකඩේ පොලිස් වසමට මෙය බල පැවැත්වෙනවා. පොලිස් ඇඳිරි නීතිය කාලය තුලදී සියලු දෙනා නිවෙස්වල රැඳී සිටිය යුතුයි. ඇදිරි නීතිය ඉවත් කළ කාලසීමාව තුළ ගමන් බිමන් උපරිම ලෙස සීමා කරන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 19, 2020 08:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්