ශ්‍රී ලංකා රජය සහ චීන සංවර්ධන බැංකුව අතර ඇමෙරිකා ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සඳහා වන ගිවිසුමට අද අත්සන් තැබුණා.ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේයි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතායි. චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෑන්ග් වෙයි මහතා ගිවිසුමට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා රජය චීන රජය සහ චීන සංවර්ධන බැංකුවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පහසුකම රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සදහා ලබාදුන්නා. මෙම මුදල ලබන සතිය ආරම්භයේදී ලබාගැනීමට නියමිත අතර ඒ තුළින් විදේශ විනිම සංචිතයද ශක්තිමත් වනවා.