fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට කළඹන්න බොරු කියූ ෆොන්සේකාටත් රාජිතටත් වැඩ වරදින ලකුණු

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 19:31

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන දෙදෙනා මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ජනතාව තුළ අනියත බියක් හා කැළඹීමක් ඇති වන ආකාරයට ඔවුන් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය තවදුරටත් සදහන් කරන්නේ. බිග්මැච්වලට සහභාගි වූ සිසුන් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබුණා. සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබුණේ කොරෝනා රෝගයෙන් 3 දෙනෙකු මිය ගොස් ඇති බවයි.  මෙම ප්‍රකාශ සම්බන්ධයෙනුයි කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 19:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්