fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාම යෝජනා භාරදීම හෙට දහවල් 12 න් අවසන්

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 18:04

නාම යෝජනා භාරදීම හෙට දහවල් 12 න් අවසන්

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීම හෙට දහවල් දොළහෙන් අවසන් වනවා. අද දිනයේද දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික් කිහිපයකට නාමයෝජනා භාර දුන්නා. නාමයෝජනා භාරදීම සදහා ඉතා අවම පිරිසක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත පැමිණ සිටියා.

කණ්ඩායම් නායක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික්කය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාර දීම සිදු කෙරුණා.

මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෑගල්ල දිස්ත්‍රික්කයටද නාමයෝජනා භාර දුන්නා. ඒ කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ජාතික ජනබලවේගය නාමයෝජනා භාර දුන්නේ කණ්ඩායම් නායක ගාමිණී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදීම සිදුකළා. ඒ දිස්ත්‍රික් නායක නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන්

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ නායකත්වයෙන් යුත් ටී එම් වී පී පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නා.

අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 4 ක් නාමයෝජනා භාර දුන්නා. ස්වාධීන කණ්ඩායම් 6 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය වන්නි දිස්ත්‍රික්කය සදහා නාමයෝජනා භාරදීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ජාතික ජනබලවේගයද වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නා.

එක්සත් ජාතික පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාරදුන්නා. කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ.

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නා.

ජාතික ජනබලවේගය මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නේ කණ්ඩායම් නායක සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්. සමන්ත විද්‍යාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම අද සිය නාමයෝජනා භාර දුන්නා.

ජාතික ජනබලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා ද නාමයෝජනා භාර දුන් අතර එය සිදු කෙරුණේ කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමක් අද මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දුන්නා.

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ජාතික ජනබලවේගයෙන් නාමයෝජනා භාර දුන්නා.

ජනසෙත පෙරමුණ ද කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා අද නාමයෝජනා භාර දුන්නේ පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන්.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් අපේ ජනබල පක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදෙන්නේ ද යන්න පිළිබඳ පසුගිය දිනවල කතාබහක් පැවතියා. මෙවන් වාතාවරණයක් තුළ නිදහස් පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙකුම අද පොදුජන පෙරමුණේ නාමයෝජනා පත්‍රවල අත්සන් තැබුවා. ඒ අනුව වීරකුමාර දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයටද, ලසන්ත අලගියවන්න මහතා ගම්පහ දිස්ත්‍රික්කයටද, දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයටද අත්සන් තබා තිබෙනවා.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට සජිත් ප්‍රේමදාස මහතා අද අත්සන් තැබුවා. ඒ එම පක්‍ෂ කාර්යාලයේදීයි.

ජනසෙත පෙරමුණ අද ගම්පහ දිස්ත්‍රික්කය සදහා නාමයෝනා භාර දුන්නා.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්