චීනය,ඇමෙරිකා මාධ්‍යවේදීන්ට එරටින් පිටවන ලෙසට දැනුම්දී තිබෙනවා.
ඇමෙරිකා රජයේ මාධ්‍ය සේවයේ නියුතු චීන ජාතිකයින්ට නීතිරීති සහ රෙගුලාසි පැනවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා. ඇමෙරිකා පුවත්පත් තුනක මාධ්‍යවේදීන්ට මෙලෙස රටින් පිටවන ලෙසට දැනුම්දී ඇති බව සඳහන්. ඒ, නිව්යෝර්ක් ටයිම්ස් වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ වොෂින්ටන් පෝස්ට් පුවත්පත්වල මාධ්‍යවේදීන්ටයි. 2020 වසර අවසන්වීමට පෙර ඔවුන් චීනයෙන් පිටව යායුතු අතර දින 10 ක් ඇතුළත මාධ්‍යවේදී හැඳුනුම්පත නැවත භාරදිය යුතුයි. මාධ්‍යවේදීන් කොපමණ සංඛ්‍යාවකට මෙමගින් බලපෑම් එල්ලවන්නේ ද යන්න මෙතෙක් හෙළිව නැහැ.