රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 25 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදු වූ ආන්දෝලනාත්මක ගනුදෙණුවක් සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධානගාර ගත කර සිටියා. එම නඩුව කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරය උදයංග වීරතුංග මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.