රට තුළ සිටින විදේශිකයින් සඳහා වීසා බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කෙරේ
Related Articles
COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශිකයින්ට නිකුත් කර ඇති සියලු වර්ගවල වීසා බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
එබැවින් පහත උපදෙස් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.
සියලු වර්ගවල වීසා බලපත්‍ර වලංගු කාලය දින 30 ක කාලයක් සඳහා 2020 මාර්තු 14 සිට 2020 අප්‍රේල් 12 දක්වා දීර්ඝ කෙරේ.
අදාළ ගාස්තුව ගෙවීමට සහ ඔබගේ විදේශ ගමන් බලපත්‍රයේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා 2020 අපේ‍්‍රල් 08 සහ 09 යන දෙදින තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඉහත සඳහන් කාල සීමාව තුළ ඔබ දිවයිනෙන් පිටවීමට අදහස් කරන්නේ නම්; අදාළ වීසා ගාස්තු ගුවන්තොටුපලේ කිසිදු දඩයකින් ගෙවීමෙන් තොරව ඔබේ සංචාර සිදුකිරීමට පහසුකම් සලසා ඇත.
වීසා ලබා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලද අයදුම්පත් සඳහා නිකුත් කරන ලද පිළිගැනීමේ වලංගු කාලය 2020 මාර්තු 14 සිට 2020 අප්‍රේල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි දින 30 ක කාලයක් සඳහා දීර්ඝ කෙරේ.
මෙම කාලය තුළ ඔබ රටන් බැහැර යාමට අදහස් කරන්නේ නම්, මෙම දෙපාර්තමේන්තුවෙන් ඔබේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඔබගේ ගුවන් ටිකට් පතේ පිටපතක් සමඟ පහත විද්‍යුත් තැපැල් ලිපිනයට එවිය යුතුය.
– [email protected]
– sanjayaTTT [email protected]
– [email protected]
– [email protected]
– [email protected]
0771588724 දුරකතන අංකය හරහා මේ පිළිබඳව ඕනෑම විමසීමක් කළ හැකි අතර ඉහත කාල සීමාව තුළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පිවිසීමෙන් වළකින ලෙස මහජනතාවට උපදෙස් දී තිබෙනවා.