fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතාලිය ඇතුළු විවිධ රටවලින් පැමිණි මෙරට පදිංචිකරුවන් 65 දෙනෙකුට තහනම් නියෝගයක්

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 09:51

ඉතාලිය ඇතුළු විවිධ රටවලින් පැමිණ සිටින මෙරට පදිංචිකරුවන් 65 දෙනෙකුට අත්‍යවශ්‍ය මානුශීය කටයුත්තකට හැර වෙනත් කිසිඳු කාර්යයක් සඳහා දින 14 ක කාලයකට නිවෙස්වලින් බැහැර නොවන ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කටුනේරිය , නාත්තන්ඩිය , මාරවිල හා වීරවිල යන පදිංචිකරුවන් 65 දෙනෙකුටයි මාරවිල දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා මෙම තහනම් නියෝගය නිකුත් කළේ. ඒ නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. ඉතාලිය ඇතුළු වෙනත් රටවලින් මෙරටට පැමිණ සිටින ඇතැම් පුද්ගලයින් නිරෝධායන කටයුතුවලට ලක් නොවීමෙන් හා වෛද්‍ය උපදෙස්වලට අවනත නොවී කටයුතු කිරීමෙන් ගැටලු පැනනැගී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පෙන්වා දුන්නා. ඊට මෙම පුද්ගලයින් 65 දෙනා ඇතුළත් බවයි ඔහු අධිකරණය හමුවේ වැඩිදුරටත් කියාසිටියේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්