පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොය බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝකර තිබෙනවා.
පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කෙරුණා. එහි නිල කාලය ලබන 20 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ අතර එය සැප්තැම්බර් මස 20 වනදා දක්වා දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබෙනවා.