fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 09:27

බස්නාහිර , සබරගමුව , මධ්‍යම , දකුණ හා වයඹ පළාත්වල පස්වරු දෙකෙන් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ මෙන්ම මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ද තැනින් තැන වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. කළුතර , රත්නපුර , ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. වැසි සමඟ තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල මාතර හා මන්නරම් දිස්ත්‍රික්වලත් උණුසුම් තත්ත්වය වැඩිවන අතර ඒ පිළිබඳ අවදානය යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 18, 2020 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්