ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ටම කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා.
බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන් පමණක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොතිබුණු අතර ඊයේ දිනයේදී එම ප්‍රාන්තයෙන් පළමු රෝගියා වාර්තා වුණා. මේ වන විට ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හයදහසක්. පුද්ගල මරණ 105 ක් ද වාර්තා වී තිබෙනවා.
ලොව පුරා මෙම වෛරසයට ගොදුරුවූවන්ගේ සංඛ්‍යාව මේ වන විට දෙලක්ෂය ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අටදහස දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇමෙරිකාවේ සැන්ප්රැන්සිස්කෝ ප්‍රදේශයේ මිලියන 6.7ක ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙස එරට රජය දැනුම් දී තිබෙනවා.