දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පාර්සල් භාරගැනීමට අදාළව සියුලු මුදල් පරිහරණ කටයුතුවලින් අද සිට ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර කතිබෙනවා.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් අද දහවල් 12 සිට මෙම තීරණය ක්‍රියාත්මක බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ. දුම්රිය ස්ථානාධිපතිවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් එම දුම්රිය ස්ථානයේදීම නිරෝධායනයට ලක්කළ යුතු වනවා. එහෙයින් මහජනතාවට සෘජුවම විවෘත වන ප්‍රවේශපත්‍ර කවුළු හා පාර්සල් භාර ගැනීමට අදාළ සියලු මුදල් පරිහරණ කටයුතුවලින් මෙසේ ඉවත්වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේ දී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාලවීමක් සිදු නොවන බව හා දුම්රිය ස්ථාන වසා දැමීමක් සිදු නොවන බවද එම සංගමය අවධාරණය කරනවා.