නාම යෝජනා භාරදීම සඳහා පැමිණීම නියෝජිතයන් තුන්දෙනෙකුට පමණක් සීමා කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා. එසේ වුවද පැමිණිය හැකි උපරිම සංඛ්‍යාව කැඳවාගෙන ඒමෙන් වැළකී නාමයෝජනා භාරදෙන තැනැත්තා හා තවත් අයෙකු පමණක් නාමයෝජනා ශාලාවට පැමිණෙන්නේ නම් එය අගය කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
කොරෝනා තර්ජනයත් සමඟ නාමයෝජනා කාලය තුළ මහජනයා ඒකරාශීවීම අවම කිරීමේ පියවරක් වශයෙනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. අද හෙට සහ අනිද්දා දිනයන්හිදී නාම යොජනා භාරදීමට පැමිණෙන විට මෙම උපදෙස් පරිදි ක්‍රියා කරන ලෙස අදාළ අංශ දැනුවත් කරන ලෙස සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා. පෙළපාලි යාම සහ නීතිවිරෝධී රැස්වීම් පැවැත්වීම මැතිවරණ නීතිය යටතේ ද තහනම්. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය යුතු බැවින් නාම යෝජනා ශාලාව අවට දේශපාලන පක්ෂ ආධාරකරුවන් රැස් කරවීමෙන් කැඳවීමෙන් හා පෙළපාලියාමෙන් වළකින ලෙස පොලිසිය දන්වා සිටිනවා.