fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල් දැමූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය වසර අග පැවැත්වීම ගැන අවධානය

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 11:46

කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මේ වසරේ අග භාගයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ආසියානු මලල ක්‍රීඩා සංගමයෙන් ඉල්ලා සිටිනවා. තවත් රටවල් කිහිපයකින් මෙම ඉල්ලීම කර තිබෙනවා.

වයස අවුරුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පවත්වන මෙම මලල ක්‍රීඩා ශූරතාවලිය මේ වසරේ පැවැත්වීමට නොහැකි වුවහොත් බොහෝ පිරිසකට වයස ඉකුත්වීමෙන් මෙම තරගාවලිය අහිමිවී යන බව එම මලල ක්‍රීඩා සංගම් පෙන්වා දෙනවා. ලබන මැයි මස 14වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර සුපචලාසායී ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකා දින නියමයක් නොමැතිව කල් දැමුණා. මෙම තීරණයට වඩාත් හේතු වූයේ තායිලන්ත රජය මගින් පවතින අනතුරුදායක සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන තම රට තුළ පැවැත්වීමට නියමිත සියලුම ක්‍රීඩා තරගාවලි කල් දැමීමට කටයුතු කරන ලෙස එරට ක්‍රීඩා සංගම්වෙත දැනුම්දීමත් සමගයි. ඒ අනුව කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ද අවලංගු කළ බවට ආසියානු මලල ක්‍රීඩා සංගමය නිල නිවේදනයක් ද නිකුත් කළා. එම නිවේදනය ආසියානු මලල ක්‍රීඩා සංගමයේ සභාපති දහලාන් අල් හමාඩ් මහතාගේ අත්සනින් ආසියාවේ සියලුම සාමාජික මලල ක්‍රීඩා සංගම් වෙත දැනුම් දී තිබුණා. කෙසේ වුවද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසන්නේ කොරෝනා වෛරස් තර්ජණය සාර්ථකව නිමා වුවහොත් ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය පැවැත්වීම ඉදිරියට එන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල සැනසිල්ලක් වනු ඇති බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 17, 2020 11:46

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්