ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
ආසාදිත බවට සැක සහිත රෝගීන් 212 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය උපරිම පියවර ගෙන තිබෙනවා. වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළා.
අද රජයේ නිවාඩු දිනයක් බවට පත් කෙරුණ ද එය තවදුරටත් දීර්ඝ නොකරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.
එසේම කටුනායක ගුවන්තොටුපොළ වසා දමන්නේ නැති බවයි කටුනායක ගුවන්තොටුපොළ සමාගමේ සභාපති ජී ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ
විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය නොවී නිවෙස් වෙත පැමිණි පිරිස් පරික්ෂා කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මකයි. ඉතාලියේ සිට මෙරටට පැමිණ කිසිඳු නිරෝධායන කටයුත්තකට යොමු නොවූ පුද්ගලයෙකු හැටන් පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක් කළා. නිවසේ දින 3 ක් රැදී සිටි මොහු නිවසෙන් බැහැරට ගොස් ඇති බවට ද හෙළි වුණා. ඒ හේතුවෙන් නිවසේම රඳවා නිරෝධායනයට ලක් කිරීමටයි පියවර ගැනුණේ.
මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු රාගම හා බණ්ඩාරගම ප්‍රදේශවලදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ට අද දිනයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබියදී එය සැළකිල්ලට නොගෙන මහියංගනය නගරයේ ඇගලුම් ආයතනයක් සේවක සේවිකාවන් කැඳවා තිබුණා. එහෙත් මහියංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මැදිහත්ව එම සේවකයන් යළි නිවෙස් වෙත හරවා යැවීමට කටයුතු කළා.
කොරෝනා සුව කිරීම හා වැළැක්වීම සඳහා ආයුර්වේද ඖෂධ වට්ටෝරු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රචාර සිදුනොකළ යුතු බව ආයුර්වේද වෛද්‍ය සභාව පවසනවා. එවැනි ප්‍රචාර ලබා දිය හැක්කේ සුදුසුකම් ලත් ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකුට පමණක් බවයි එම වෛද්‍ය සභාව පෙන්වා දෙන්නේ.