fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය පාලු වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 12:59

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මේ දිනවල ඉතා පාලු ස්වභාවයක් ගෙන තිබෙනවා.

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව ඇතැම් නගර සම්පුර්ණයෙන් වසා දමා ඇති අයුරින් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගන ද සියල්ලම පාහේ පවතින්නේ පාලුවට ගොසින්. දේශිය තරග පමණක් ඇතැම් විට දැකිය හැකි නමුත් බොහෝ රටවල එයද මේ වන විට කල් දමා තිබෙනවා. ඉන්දිය ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේ සියලු දේශිය තරග කල්දමන බවයි. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයද මේ වන විට සිය රටේ දේශිය ක්‍රිකට් තරග කල් දමා තිබෙනවා. ඊට අමතරව ජාත්‍යන්තර පිටිය දෙස අවධානය යොමු කරන විට තරගාවලි රැසක් තාවකාලිකව අවලංගු කිරිමටයි මේ වන විට පියවර ගෙන ඇත්තේ. ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය,ඉන්දු දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය,නවසීලන්ත ඕස්ට්‍රේලියා එක්දින  ක්‍රිකට් තරගාවලිය ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. ඕස්ට්‍රේලියා නවසීලන්ත තරගයේදී ද  ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් නොවුනු අතර එහිදි ප්‍රේක්ෂකාගාරය වෙත යන පන්දු රැගෙන ඒමටද පන්දු රකින ක්‍රිඩකයින්ට සිදු වුණා. කිසිදු ප්‍රේකෂකයෙකු තරග නැරඹීම සදහා ක්‍රිඩාංගනයට පැමිණිමට අවස්ථාව ලබා නොදෙමින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය මේ දිනවල පැවැත්වෙනවා. කරාචි කිංග්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය කඩුලු 05කින් ජයගැනිමට ක්වාටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුනා.  මේ සියලු කරුණු සැලකිමේදී මෙම කාලය ක්‍රිකට් ක්‍රිඩාවට අදුරු වකවානුවක් බවට පත්ව තිබෙනවා. මෙලෙස ජාත්‍යන්තර තරග කල් දැමිමට හෝ අවලංගු කිරිමට සිදු වූ අවස්ථාව මිට පෙර අසා ඇත්තේ පළමු සහ දෙවන ලෝක යුද සමයන්හිදියි. එම කාලයෙන් පසුව මෙලෙස ජාත්‍යන්තර තරග රැසක් අවලංගු කිරිමට මේ වන විට සිදුව ඇත්තෙ වසර 74කට පමණ පසුව පළමුවතාවටයි. මේ අතර විශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් ගොඩනැගිලි පෙල කොවිඩ් 19 රෝගයෙන් පෙලෙන අයට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී තිබෙනවා. එහි සේවය කරන වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ වැටුප් ඇතුළු සෑම පහසුකමක් ​සඳහාම තම පෞද්ගලික ධනය යෙදවීමටයි ක්‍රිස්ටියානෝ පියවර ගෙන ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 12:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo