fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහල වෙත පැමිණෙන්න

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 14:15

අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහල වෙත පැමිණෙන ලෙස  එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව් එල් යූ සී කුමාරතිලක මහත්මිය ජනතාවගෙන්  ඉල්ලීමක් කරනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ඒ මහත්මිය මෙම ඉල්ලීම සිදුකළා. ජාතික අක්ෂි රෝහල වෙත දෛනිකව පුද්ගලයන් තුන්දහසක් පමණ පැමිණෙනවා. එවැනි තත්ත්වයක් තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවයි ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ. ඒ අනුව හදිසි අනතුරු සායනික ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීමට කටයුතු කරන ලෙසයි ඒ මහත්මිය ඉල්ලා සිටින්නේ. එමෙන්ම අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වන ලෙස ද  ජනතාවට දැනුම් දෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්