පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් වැසි
Related Articles
බස්නාහිර ,සබරගමුව , මධ්‍යම , දකුණ සහ වයඹ පළාත්වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමු පළාතෙත් ,කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම ඌව පළාතේත් , මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. උතුරුමැද පළාතේ සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං හටගන්නා බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.