රජයක් බිහිකිරීමට ඊශ්රායල විපක්ෂය සන්ධාන ගත වී තිබෙනවා. බෙංජමින් නෙතන් යාහුගේ ප්රධාන විරුද්ධවාදියා වූ බෙනී ග්රාන්ට්ස් පක්ෂ කිහිපයක් එක්කරමින් නව සන්ධානයක් බිහිකර ඇති බව සඳහන්. එහිදී ඔහු සියයට 61 ක බහුතරයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. පසුගිය වර පැවැත්වූ මහමැතිවරණය වසරක් තුළ එරට පැවත් වූ තෙවන මැතිවරණයයි. එහිදී බෙංජමින් නෙතන්යාහුට බහුතරය දිනාගැනීමට ආසන තුනක අඩුපාඩුවක් පැවතියා. ලෝකයට ඇති වී තිබෙන වසංග තත්ත්වය හේතුවෙන් බෙනී ග්රාන්ට්ස් හදිසි රජයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඊශ්රායල ජනාධිපති බෙංජමින් නෙතන් යාහුට විරුද්ධව එල්ල වී ඇති දූෂණ හා අක්රමිකතා සම්බන්ධයෙන් හෙටි දිනයේදී නඩුවක් විභාග කිරීමට නියමිතව තිබුණා. නමුත් ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය මැයි මස 24 වනදා දක්වා කල්දැමීමටයි පියවර ගෙන ඇත්තේ.