මහජන දිනය සහ පොලිස් සහන දිනය සති දෙකකට අවලංගු කර තිබෙනවා.
ශ්රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පූර්ව ක්රියාමාර්ග ගැනීම යටතේ 2020.03.15 දින සිට සති දෙකක කාලයක් මහජනතාව වෙනුවෙන් පවත්වනු ලබන පොලිස් මහජන සහන දිනය සහ පොලිස් නිලධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන සහන දිනයද අවලංගු කිරීමට පොලිස් මූලස්ථානය මගින් කටයුතු කර ඇත.