ඊයේ දිනයේදී තවත් කොරෝනා රෝගීන් 07 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 18 ක් බවට පත්ව තිබෙනවා.ආරක්ෂක පියවරක් ලෙස අද දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය කටයුතු කළා.
කොරෝනා වෛරසය දිවයින පුරා පැතිර යාම වැළැක්වීමට ගත යුතු පූර්වාරක්ෂක පියවර මාලාවක් රජය ගෙන තිබෙනවා. ලොව බොහෝ රටවල් කල්ගත වී ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රජය ඉතා ඉක්මණින් ගැනීම නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම විශාල වශයෙන් පාලනය කර ගැනීමට හැකි වුණා.
මේ අතර මෙම වෛරස් තත්ත්වය සම්බන්ධයෙන් යම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් 117 දුරකතන අංකය භාවිත කළ හැකි බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිවේදනය කරනවා.