fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපයේ රටවල් රැසකින් සිදුවූ ඉහළම කොරෝනා මරණ අනුපාතය ඊයේ වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 08:27

එක් දිනක් ඇතුලත යුරෝපයේ රටවල් රැසකින් සිදුවූ ඉහළම කොරෝනා මරණ අනුපාතය ඊයේ වාර්තා වුණා.

ඊයේ දිනයේදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 368ක් වාර්තා වූ අතර මේ දක්වා ඉතාලියේ සිදුවූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1809 ක් දක්වා ඉහළ ගියා.

ස්පාඤ්ඤයේ නව මරණ 97 ක් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 288ක්. ප්‍රංශයේ මරණ 29 ක් ඊයේ දිනයේදී වාර්තා වූ අතර සමස්ථ මරණ සංඛ්‍යාව 120ක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රිතාන්‍යයේ පුද්ගලයින් 35 දෙනෙකු වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් මරණ 14 ක්ම ඊයේ දිනයේ දී වාර්තා වුණා. කොරෝනා වසංගතය යුරෝපය පුරා පැතිර යාමත් සමඟ ජර්මනිය සිය දේශසීමා තර කිරීමට පියවර ගත්තා. ඒ ප්‍රංශය ස්වීට්සර්ලන්තය, ඔස්ට්‍රියාව , ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් අතරයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මාර්තු 16, 2020 08:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්