fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය යුරෝපය – ලෝක සෞඛ්‍ය සංවිධානය

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 19:01

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් ආරම්භ වූ COVID-19 වෛරසය මේ වන විට රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 152කට ව්‍යාප්ත වී තිබෙනවා.

ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 157,372ක්. පුද්ගලයන් 5,839ක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වුණා. 75941 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපය හඳුන්වාදී තිබෙනවා. මේ වන විට යුරෝපා රටවල් රැසකම වෛරසය ව්‍යාප්ත වී ඇති බව සඳහන්. ප්‍රංශයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 4469 දෙනෙකු වාර්තා වුණා. මරණ සංඛ්‍යාව 91 ක්. වෛරසයෙන් සුවවූ සංඛ්‍යාව 12ක් ලෙසයි ප්‍රංශයෙන් වාර්තා වුණේ. වෛරසය පැතිර ගියද ප්‍රංශයේ ප්‍රාදේශීය මැතිවරණය අද දිනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා. කඩ සාප්පු ඇතුළු මහජනතාව රැස්වෙන ස්ථාන ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව වසා දැමීමටයි බලධාරීන්  කටයුතු කර කර ඇත්තේ.

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම් සංචාරකයින් දින 14ක ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට අද මධ්‍යම රාත්‍රියේ සිට ලක්විය යුතු බව එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.  ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වෙල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා රෝගීන් 22 නෙකු වාර්තා වුණා. එරට සමස්ථ රෝගීන් සංඛ්‍යාව 279ක්. කොරෝනා හේතුවෙන් ඕස්ට්‍රේලියාව තුළ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 3ක් ලෙසයි වාර්තා වන්නේ.

ස්වීට්සර්ලන්තයේද වෛරසය ඉතාමක් වේගයෙන් පැතිර යමින් පවතින බව සඳහන්. පුද්ගලයින් 1189 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 13ක්.

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්ෂෙස්ගේ බිරිදට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ බිරිදගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව සඳහන්. ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6046ක්. රෝගීන් 191 දෙනෙකු  මියගොස් ඇති බව සඳහන්. රජය විශේෂ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කලා. ආහාර පාන හා  ඖෂධ මිලදී ගැනීම රාජකාරී කටයුතු  හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු හැර සෙසු කටයුතුවලින් වැළකී සියලු ස්පාඤ්ඤ ජාතිකයන් නිවෙස්වලට වී සිටිය යුතු බවට ද රජය නියෝග කර තිබෙනවා.

නෝර්වේ රාජ්‍යය ද සියලු ගුවන්තොටුපොල වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඉතාලියේ සියලුම මහජන කටයුතු තවමත් අත්හිටුවා ඇති අතර මුළු රටම නිරෝධායනයට ලක්කෙරුණා.

ඉතාලියේ නවතම තත්ත්වය පිළිබඳව තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප නියෝජිත ශ්‍රිමාල් පතිරාජ

මේ අතර  කොරෝනා අවධානම පැවතිය ද 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය පවත්වන බව ජපන් අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ ප්‍රකාශකළා. සිරියාවද සිය මහ මැතිවරණය කල් දැමීමට අවධානය යොමු කර තිබෙනවා. අයි එස් ත්‍රස්ත සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සිය සාමාජිකයන් වෙත දන්වා ඇත්තේ යුරෝපා රටවලට ඇතුළුවීමෙන් වළකින ලෙසයි.

තම රට ගෙන යන නිරෝධායන ක්‍රියාවලියට  විරුද්ධ වූ සංචාරකයින් 4 දෙනෙකු පිටුවහල් කිරීමට කොළොම්බියාව කටයුතු කර තිබෙනවා.

ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 107ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙන්. වෛරසය ආසාදිත වූ අයෙකු ඩුබායි බලා පිටත්වීමට නියමිතව තිබූ ඉමිරේට්ස් ගුවන් යානයකට ගොඩවීම හේතුවෙන් යානයේ සිටි ගුවන් මගින් 270 දෙනෙකු ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. කේරලයේ සංචාරයක නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුයි මෙසේ රෝගයට ගොදුරුව ඇත්තේ.

ITN News Editor
By ITN News Editor මාර්තු 15, 2020 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්